Kabaragala Mountain Travel Guide 2026: Hiking, Camping, Directions & Travel Tips


ඔයත් Hiking, Camping සහ ස්වභාව සෞන්දර්යයට ආදරය කරන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම යන්න ඕනෙ තැනක් තමයි කබරගල කන්ද කියන්නෙ... ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ, දොළොස්බාගෙ කඳු පන්තියේ උසම කඳු මුදුන තමයි කබරගල කියන්නෙ.

කබරගල කන්දට යන්නේ කොහොමද?

ඔයා පෞද්ගලික වාහනයකින් යන්න හිතනවා නම්, Google Maps එකෙන් ඉතා පහසුවෙන් කබරගල කන්ද පාමුලට ළඟා විය හැකිය.

පොදු ප්‍රවාහනයෙන් එන්න හිතනවා නම්,

  • මුලින්ම නාවලපිටිය දුම්රිය ස්ථානයට එන්න ඕනෙ.
  • එතනින් දොළොස්බාගෙ බස් එකකට නැගලා දොළොස්බාගෙ හංදියෙන් බහින්න ඕනෙ..

එතැනින් තමයි කබරගල Hike එක පටන් ගන්නෙ.

කබරගල කන්ද මුහුදු මට්ටමේ ඉදන් මීටර් 1,500ක් විතර උසකින් යුක්තයි. සාමාන්‍යයෙන් කඳු මුදුනට ළඟා වෙන්න පැය 2ක් හෝ ඊට වැඩි කාල‍යක් ගත වෙනවා. හැබැයි මේ පාර පුරාම ඔයාට සොබාදහමේ සුන්දරත්වය මදි නොකියන්නම විදින්න පුලුවන් වගේම Hiking වලට අලුත් අයටත් මේක හොඳ experience එකක්.

කබරගල කඳු මුදුනේ විශාල තණබිම් ප්‍රදේශයක් වගේම තවත් පැත්තකින් ගැඹුරු ප්‍රපාතයක් බලාගන්න පුලුවන්..පැහැදිලි කාලගුණයක් තියෙනවා නම් සප්තකන්‍යා කඳු වැටිය, ශ්‍රී පාදස්ථානය, රාස්සගල, බතලේගල, අම්බුලුවාව, පිදුරුතලාගල වගේ ස්ථාන ගොඩක් දැක බලාගැනීමෙ හැකියාවත් ලැබෙනවා.

කබරගල කන්දේ Camping site කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් කදු මුදුනෙම තියෙන Camping Site එක sunset එක බලන්න කැමති ගොඩක් අයගේ කැමතිම ස්ථානයක්


Video credit goes to LakshanT

කබරගල යන අයට වැදගත් උපදෙස්

  • කඳු මුදුනේ කාලගුණය ඉතාමත් ඉක්මනින් වෙනස් වෙන්න පුලුවන් හින්දා, අනිවාරෙන්ම වැස්සට සහ සුළඟට ඔරොත්තු දෙන හොඳ Tent එකක් අරන් යන්න.
  • ප්‍රපාතය ලගට නම් යන්න හිතන්නවත් එපා. තණකොළ ලිස්සන නිසා අනතුරුදායක වෙන්න පුලුවන්.
  • ප්‍රමාණවත් ජලය, ආහාර, Torch එකක් ‍රැගෙන යන එක වඩාත් හොදයි.
  • ඒ වගේම  අරගෙන යන සියලුම කසළ නැවත ඔබ සමඟම රැගෙන එන්න වගබලාගන්න.

Nature Lover කෙනෙකුගේ ජීවිතේ එක් පාරක්වත් ‍යන්න ඕනෙම තැනක් තමයි කබරගල කියන්නෙ.ඉතින් තවමත් ඔයා කබරගලට ගිහින් නැත්තන්, දැම්මම ඔයාගෙ ඊලග Adventure එක  විදිහට කබරගල තෝරගන්න.



Ceylonvibes - Your Path To Paradise.

Post a Comment

Previous Post Next Post